Header Ads

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ හොත් ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමිවීමේ අවදානමක්

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ හොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමිවීමේ අවදානමක් ඇති බවට යුරෝපා සංගමය සිදුකර ඇති අනතුරු ඇගවීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව රජය පවසයි.

ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පෙන්වාදෙන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙතෙක් රජය අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

වසර 42කට පසුව ශ්‍රී ලංකාව නැවත වරක් මරණ දඩුවම ක්‍රියාත්මක කළ හොත් ජී.එස්.පී ප්ලස් සහනය ඇතුළු වෙළඳ සහන අහිමිවීමේ අවදානමක් පවතින බව යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ.

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලා යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, කැනඩාව සහ නෝර්වේ යන රටවල් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් මඟින් ද දැනුම් දී තිබිණි.

2010 වර්ෂයේ සිට යුරෝපා සංගමය විසින් අත්හිටුවා තිබූ ජී.එස්.පී සහනය වසර 07කට පසුව පසුගිය වසරේ මැයි මාසයේ සිට යළි ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ජී.එස්.පී ප්ලස් සහනය තුළින් වාර්ෂිකව ශ්‍රි ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 350ක පමණ ප්‍රතිලාභයක් හිමිවන බව යුරෝපා සංගමය පෙන්වාදෙයි.
adaderana.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.