Header Ads

මාතෘත්වය, දරුවා සහ නිරූපනය

ඇමෙරිකාවේ මයාමි නගරයේ පැවැත්වූ මෝස්තර නිරූපණ සංදර්ශනයක නිරූපිකාවක් සිය බිලිඳු දියණියට මව් කිරි දෙමින් මෝස්තර නිරූපණය සඳහා වේදිකාවට පිවිසීම හේතුවෙන් පැමිණ සිටි පිරිස මහත් කැළඹීමට පත්ව ඇත.

මාරා මාටින් මාස පහක් වයසැති සිය දියණිය ආරියා අතැතිව වේදිකාවට ගොඩවූ එම මෝස්‌තර දැක්ම පසුගිය ඉරිදා මෙම සංදර්ශනය පැවැත්වුනේ ජල ක්‍රීඩා සඳහා උචිත පිහිනුම් ඇඳුම් නිරූපණය කිරීම වෙනුවෙනි.

"මට විශ්වාස කරන්න බැහැ මම දිනපතා යෙදෙන ක්‍රියාවක් මුල් කරගෙන මම සහ මගේ දියණිය පුවත් සිරස්තල බවට පත් වෙලා කියන එක" යැයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණි.

සමාජ ජාල පරිශීලකයන් බොහෝ දෙනෙකු ඇයගේ ක්‍රියාව අගයමින් විවිධ වැකි පළ කර තිබූ නමුත් ඇය අවධානය දිනා ගැනීමට උත්සහ කරන බවට සමහරු චෝදනා නැගූහ.

මෙම මෝස්තර නිරූපණ සංදර්ශනයට ඉදිරිපත් වීම සඳහා තරග කළ නිරූපිකාවන් අතුරෙන්, මාරා මාටින් අවසාන වටයට තේරුණු දහසය දෙනා අතර සිටියාය.

රත්‍රන් පැහැති කාන්තා පිහිනුම් ඇඳුම් කට්ටලයකින් සැරසුණ ඇය නිරූපණයේ යෙදෙන අතරතුර ආරියාට මව් කිරි දී තිබේ.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.