Header Ads

දෙමල ජනතාවගේ මීලඟ නායිකාව විජයකලා !!! යාපනය පුරා පෝස්ටර්

දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා නමින් සඳහන්  කරමින්  හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන්ට සහය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් කිහිපයක් අලවා  ඇති  බව  වාර්තා වේ .

යාපනයේ අලවා තිබූ අදාල පෝස්ටරයේ ‘සවයංලාභ නොමැති දේශපාලනය. යනුවෙන් තද කලු අකුරින් මාතෘකා කොට තිබූ අතර පහලින් ලියා තිබුනේ ‘දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී.මහේස්වරන් දිවි පිදුවා අද දෙමළ ජනතාවගේ නායිකාව වූ විජයකලා තමන්ගේ පදවිය පූජාකලා කවදත් අපි ඔබ සමගයි දෙමළ කතා කරන ජනතාව. යනුවෙන් සඳහන් කොට  ඇත.

දෙමළ කතා කරන ජනතාව අදාල පෝස්ටරයේ සංවිධායකයින් වශයෙන් හඳුන්වා දී   ඇත.
උපුටා ගැනීම- lankanewscolumn.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.