Header Ads

ප්‍රියා ප්‍රකාශ්ගේ සොඳුරු ඇස් පහර නැවතත් ලොව මුසපත් කරවයි..

ප්‍රියා ප්‍රකාශ් කියන්නේ එක් දිනකින්, එක තත්පර කිහිපයක සොඳුරු මොහොතකින් ලොවක්ම මුසපත් කර තමන්වෙත අවධානය ලබාගත්ත සොඳුරු ඉන්දියානු යුවතියක්. ඒ මලයාලම් චිත්‍රපටයක් වෙනුවෙන් සිදුකල රංගනයකදී අපූරු ඇස් පහරකින් මුළු ලොවම තම වසඟයට ගනිමින්.

ඒ සිදුවීම එක්ක ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්වුණු මේ සුන්දර නව යෞවනියගේ පෙනුම,සිනහව සහ ඇස් පහරට ඉන්දියාවේ ඇතැම් පිරිස්නම් කැමැත්තක් දැක්වූයේ නෑ. අදාල චිත්‍රපටයේ එම ගීත කොටසට විරුද්ධව අධිකරණයට ගිය ඔවුන් නිසා ප්‍රියා ප්‍රකාශ්ට මරණ තර්ජන පවා එල්ලවුණා. අවසානයේ ප්‍රියා ප්‍රකාශ් රංගනයෙන් දායකවුණු අදාල චිත්‍රපටය තිරගතවූයේ අදාල සොඳුරු ජවනිකාව අඩංගු ගීතකොටසද නොමැතිවයි.

කෙසේ වෙතත් පහුගිය දිනක ඉන්දියාවේ පැවති Sඋපෙර් 4 නැමති සජීවී රියලිටි වැඩසටහනකදී ප්‍රියා ප්‍රකාශ්ට අදාල චිත්‍රපටයේ තමන් සිදුකල සොඳුරු රංඟනය සහ ආකර්ශණීය ඇස්පහර ප්‍රතිනිර්මාණය කරන්න එහෙමත් නැත්නම් ප්‍රති නිරූපණය කරන්න සිදුවුණා. එයත් සමගම නැවත වතාවක් අදාල වීඩියෝව අනත්ර්ජාලය පුරා මෙන්ම සමාජ ජාල පුරාද වේගයෙන් සංසරණය වුණා. ඒ නිසා නැවතත් ප්‍රියා ප්‍රකාශ්ගේ සොඳුරු ඇස් පහරට ලොවම වශීවුණා.

මොහොතකින්, දින කීපයකින් නොසිතූ තරම් ප්‍රසිද්ධියක් සහ ප්‍රසාදයක් ලැබීම ගැන ඉන්දියානු මාධ්‍ය ප්‍රියාගෙන් සිදුකල විමසීමකදි ඇය කියා සිටියේ ‘සිහන දකින්න..දිගින් දිගටම සිහින දකින්න..එතකොටයි ඒවා හැබෑ වෙන්නේ..අතෑරලා දාන එකෙන් නෙවෙයි‘
උපුටා ගැනීම -www.her.lk


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.