Header Ads

‘ලිංගිකව තෘප්තිමත් නොවෙන්නේ ඇයි?’ ලෝකයේ මිලියන ගණනක් Google එකේ Search කරන ප්‍රශ්නය

ඔබ නොදන්නවා වුනත් දවසක් ගානේ ලෝකයේ මිලියන ගණනක් කාන්තාවන්, පිරිමින් වෙනසක් නැතිව Google එකේ Search කරන ප්‍රශ්නයක් තමයි ‘ඇයි මම ලිංගිකව තෘප්තිමත් නොවෙන්නේ?” කියන එක.

මේ ප්‍රශ්නය පහුගිය කාලේ Google සමාගටමත් ලොකු ප්‍රශ්නයක් වුනා. මොකද යම් කෙනෙක් Google මත සොයන දෙයකට අදාලම search results ලැබුණේ නැත්නම් ඔවුන් Google ගැන තියන විශ්වාසය බිඳවැටෙන නිසා. පහුගිය කාලේ Yahoo බිඳවැටෙන්නත් මේකම එක් හේතුවක් වුනා.

ඒ නිසාම Google සමාගමේ විශේෂඥයින් වෛද්‍යවරු,විශ්ලේෂකයන්, දේශකයන් ඇතුලු බොහෝ දෙනෙක්ගේ සේවාව සහ උපකාර ලබාගත්තා ‘ඇයි මම ලිංගිකව තෘප්තිමත් නොවන්නේ?’ කියලා මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්ත්ර දෙන්න.

සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරය ගොඩනැගිලා තියෙන්නේ ඉතාම සංවේදී විදිහටයි. ඒ නිසා ලිංගිකත්වය කියන හැඟීම් බොහෝම ඉක්මණට සහ තදින් සංවේදනය විය යුතුයි. එහෙව් එකේ කොහොමද මෙහෙම මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න අහන්න වෙන තරමට sex වලින් තෘප්තියක් නැතිවෙන්න හේතුව.

මාරි ස්ටොප්ස් ආයතනයත් මේ ගැටළුවටම පිළිතුරු කාලයක් තිස්සේ හෙව්වා. මේකට හේතු ගණනාවක් අතරේ ලිංගික තෘප්තිය විදින අවස්ථාවල මානසික තත්වය සහ කායික ගැටළු මේකට හේතු වෙනවා කියලා පොදු උත්තරයක් ලබාදී තිබුණා. ඒත් ඊටත් එහා ගියපු කරුණු ගණනාවක් මේ තුල අන්තර්ගතයි කියලා ඕනම කෙනෙක්ට තේරෙනවා.

එකිනෙකා තෘප්තිමත් වෙන ආකාර වෙනස්. ඒ නිසා ඒ ආකාර අනුව ලිංගිකව තෘප්තිමත් නොවීම හරහා බොහෝ දෙනෙක් අතෘප්තිමත්ව ලිංගික බැඳීම් අවසන් කරන අවස්ථා වැඩියි. මේ ගැන අදහස් දක්වපු ඉන්දියානු කාන්තාවක් මේ විදිහට තමන්ගේ කතාව කියලා තිබුණා.

‘මම මට වඩා ටිකක් වැඩිමල් විවාහ වෙලා වෙන්ව ජීවත්වුණු පිරිමි කෙනෙක් එක්ක living together හිටියා. ඔහු එක්ක මගේ ලිංගික සබඳතාවක් තිබුණා. ඒත් දිගින් දිගටම එහෙම කාලය ගතකරද්දි ඔහුගේ හෙරොයින් භාවිතය සහ හැසිරිම්වල තිබුණු විකෘතිභාවය නිසා මට එහෙම ජීවත්වෙන එක එපාවුණා, මට ඔහු එක්ක ලිංගිකව එක්වෙද්දි පස්සේ කිසිම සතුටක් දැනුනේ නෑ, මම ලිංගිකව එකට හිටියේ ඔහුගේ තනි වුවමනාවට වගෙයි. ඒ අතරේ මම මගේ රැකියා ආයතනයේ වැඩකරපු තරුණයෙක් එක්ක බැඳීමක් ඇතිකරගත්තා. ඒ බැඳීම ටික දවසකින් ලිංගික එක්වීමක් දක්වා ගියා. එතනදි මම ලොකු තෘප්තියක් ලැබුවා..ඒත් පස්සේ කාලෙ ගතවෙද්දි ඒ තරුණයාට මාව කායිකව දැඩි ලෙස අවශ්‍ය වුනාට මට අවශ්‍ය වුනේ ලිංගික සතුට නෙවෙයි..වෙනත් වෙනත් ආදරණීය හැඟීම්, රැකවරණය වගේ දේ..එහෙම වෙද්දි මම ලිංගිකව ඔහුගෙන් ඈත්වෙද්දි ඔහුත් ටික ටික මගෙන් ඈත්වුණා..”

මේ ප්‍රකාශය එක්ක මතුකරගන්න පුළුවන් තර්කය තමයි ලිංගික තෘප්තිය කියන දේ කාලෙන් කාලෙට, විවිධ හේතුමත වෙනස් වෙනවා කියන එක. ඒ නිසා තමන්ගේ කැමැත්ත සහ මානසිකත්වය කියන දේ තේරුම් නොගන්නතාක් තමන්ගේ ලිංගික තෘප්තිය ලබනන් අපහසුයි. ඔබට ලිංගිකත්වය සහ ලිංගික හැඟිම් ගැන අවබෝධයක් නැති තාක් තෘප්තියද අහිමි වෙනවා කියන එක තේරුම්ගන්න ඕන. එතකොට Google වල හොය හොය ඉන්න දෙයක් නෑ, ප්‍රශ්නයට උත්තරය තමන් තුලින්ම ලැබෙනවා.
උපුටා ගැනීම - www.her.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.