Header Ads

ලොව පුරා Large Size Bra හි ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළට..!!

ලෝකය පුරා අලෙවිවන කාන්තා bra නැතිනම් තනපට වර්ග අතරින් විශාල ප්‍රමාණයේ (Large Size) තනපට අලෙවිය පසුගිය සමයේ ඉතා සීඝ්‍ර ලෙස ඉහළගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක් වාර්තා කරයි.

සාමාන්‍යයෙන් වැඩි ඉල්ලුමක් පවතින්නේ මධ්‍යම හෝ කුඩා ප්‍රමාණයේ තනපට වලට වුවද මෙසේ විශාල ප්‍රමාණයේ තනපට ඉල්ලුම ඉහළ යාමට හේතුව එවැනි තනපට භාවිතා කරන කාන්තාවන් ප්‍රමාණය ඉහළයාමය. 

කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ තනපට සඳහා වැඩි ඉල්ලුමක් මෙතෙක් කල් පැවතීමට හේතුවූයේ යොවුන් සහ තරුණ කාන්තාවන් වැඩි ප්‍රමාණයකගේ පියයුරු එතරම් විශාල නොවීමය.

නමුත් වර්තමානය වන විට තරුණ සහ මැදි වයසේ කාන්තාවන් ප්‍රමාණය යොවුන් තරුණියන් ප්‍රමාණය ඉක්මවා යාම (ලොව වයස්ගත ජනගහනය වර්ධනය වීම) නිසා සහ තරුණ සහ මැදිවියේ කාන්තාවන්ගේ පියයරු විශාල ප්‍රමාණය දක්වා වර්ධනය වීම හේතුවෙන් මෙලෙස විශාල ප්‍රමාණයේ bra සඳහා ඇති ඉල්ලුම වර්ධනය වී ඇති බව උපකල්පනය කල හැකිය.

පියයුරු අධික ලෙස විශාල වීමට මව්කිරි දීම, හෝමෝන බලපෑම්, අධික තරබාරුකම, ආහාර පාලනයෙන් තොරවීම, ව්‍යායාම අඩුවීම වැනි හේතු බලපාන අතර වර්තමානයේ ලොවපුරා පවතින පාරිභෝජනවාදී සමාජ ක්‍රමයක් තුල කාන්තාවන් ඉහත කී සාධක නිසාවෙන් පියයුරු අධික ලෙස විශාලවීමේ තත්වයට මුහුණදී සිටියි. එයින් පියයුරු පිළිකා තත්වයන් වෙත අවදානමක්ද පවතී.

කෙසේ නමුත් ලොක ප්‍රකට කාන්තා යට ඇඳුම් නිෂ්පාදන සමාගමක් වන වික්ටෝරියා සීක්‍රට් සමාගම පවසන්නේ තමන්ගේ අනාගත අලෙවි ඉලක්ක සකස් කිරීමේදී විශාල ප්‍රමාණයේ තනපට වැඩිපුර නිෂ්පාදනය කිරීම මෙන්ම විශාල ප්‍රමාණයේ පියයුරු සහිත කාන්තාවන්ට පහසුවක් ගෙනදෙන ආකාරයේ තනපට නිර්මාණය කිරීම ප්‍රමුඛ ඉලක්කය බවයි.
උපුටා ගැනීම -www.her.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.