Header Ads

ආබාධිත උනත් සිය හොඬයෙන් ඇවිදින පුන්චි අලි පැටියා -Video

හම්බන්තොට පහළ මත්තල ප්‍රදේශයේ දී උපතින් පිහිටි ආබාධිත තත්ත්වයක් හේතුවෙන් හොඬය ආධාරයෙන් ඇවිද යන වයස අවුරුද්දක් පමණ වන අලි පැටවෙකු  වනජීවී නිලධාරින් කණ්ඩායමකට හමුවී තිබෙනවා.

ඉදිරි පාදවල ඇති ආබාධ සහිත තත්ත්වය හේතුවෙන් ඇවිදයාම සඳහා සිය හොඬය ආධාර කරගමින් සිටි මෙම අලි පැටවා වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් අතරතුරදියි වන ජීවී නිලධාරීන් කණ්ඩායමකට හමුවී තිබෙන්නේ. 

මේ වන විට ප්‍රතිකාර කිරීම සඳහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ගොස් තිබේ.

වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන මහතා පවසන්නේ,

මෙවැනි ආබාධිත තත්වයකින් පෙළෙන අලි පැටවෙකු ශ්‍රී ලංකාව තුළ දී හමුවීම ඉතා දුර්ලභ සිද්ධියක් බවයි.

මින් පෙර අනුරාධපුරයෙන් සහ අම්පාර දිස්ත්‍රික්කවලින් වයස මසක් පමණ වන ආබාධිත අලි පැටවුන් දෙදෙනෙකු හමුවී තිබුණ අතර, ඔවුන් උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙනවිත් ප්‍රතිකාර කරන අතරතුර මියගිය බව පශු වෛද්‍ය මාලක අබේවර්ධන තවදුරටත් පැවසුවේය.

"මේ වගේ සමහර සතුන් කාලයක් යන කොට සුව අතට හැරෙන අවස්ථාද තිබෙනවා. නැත්නම් මිය යනවා. නමුත් අවුරුද්දක පමණ කාලයක් පමණ මේ සතා පුදුමයකට වගේ ජීවත්වෙලා තිබෙනවා. එතෙක් කල් මේ සතා කිරි බිව්වේ කොහොමද කියලත් ප්‍රශ්නයක්. අලිපැටවා කිරි බිව්වේ නැත්නම් මෙච්චර කාලයක් ජිවත් වෙන්නේ නැහැ."

''අලි පැටවා අපිට හමුවෙන කොට මවගෙන් මග හැරී ඉතා දුර්වල තත්වයක් තමයි හිටියේ. ශරීරයේ ආසාදිත තුවාල තිබුණා. මුලින්ම ඒවාට ප්‍රතිකාර කරලා, පසුව මේ ආබාධිත තත්වය සුව කරන්න පුළුවන්ද කියලා උත්සහ කරනවා. ශල්‍යකර්මයකින් හෝ වෙනත් ක්‍රමයකින් අලි පැටවා සුව කරන්න උත්සහ කරනවා" යැයි මාලක අබේවර්ධන පැවසුවා.
bbc.com

අලි පැටවාට සරණක් වැඩිදුර තොරතුරු: https://bbc.in/2A57qNU
Posted by BBC News සිංහල on Monday, July 23, 2018

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.