Header Ads

දරුවන් බිලි ගන්නා අන්තර්ජාලයේ සැරිසරන විකාර රූපී බෝනික්කා

මේ දවස් වල අන්තර්ජාලය පුරා අලුත් භීතිකාවක් පැතිර යන බවට විදෙස් මාධ්‍ය විවිධ පුවත් වාර්තා කර තිබුණා. බොහෝ දෙනා එය අසත්‍ය බවට කරුණු කීවත් වාර්තා වුණු පුවත් අනුව නම් එය එසේ නොවන බව පහසුවෙන් වටහා ගන්න පුළුවන්.

ඔබට මතකයි පසු ගිය කාලයේ අන්තර්ජාලයේ සැරිසැරූ ‘බ්ලූවේල්’ භීතිකාව. එම භීතිකාව වගේම මිනිසුන් සියදිවි නසා ගැනීමට පොළඹවන අභියෝග ලබාදෙන ක්‍රීඩාවක් විදියට ‘MOMO’ හඳුන්වා දෙන්න පුළුවන්.

මෙහි ඇති විශේෂත්වය වන්නේ, ප්‍රධාන ඉලක්කය ලෙස දරුවන් හඹා යාමයි. ඒ අනුව දරුවන්ගේ WhatsApp ගිණුම් ඔස්සේ ‘MOMO’ අභියෝගය දුරකථන වලට එකතු කරගැනීමට පෙළඹවනු ලබනවා. ඉන් පසු ප්‍රචණ්ඩකාරී රූප, විවධ ක්‍රියාන්විතයන් දරුවන්ට ලබා දී අවසානයේ ඔවුන් සිය දිවි නසා ගැනීමට පෙළඹවනු ලබනවා.

ජපානයේ බෝනික්කන් නිර්මාණය කරන්නෙකු විසින් නිමවන ලද බෝනික්කෙකුගේ ආකාරයට ‘MOMO’ හි අන්තර්ගත බෝනික්කාගේ ඡායාරූපය යොදාගෙන තිබෙනවා. ඒ අනුව, ඇස් ඉදිරියට නෙරා ඇති, දෙපසට දික්වූ මුඛයක් ඇති විකාර රූපී කාන්තාවකගේ රුවක්  ‘MOMO’ හි දැකගන්න පුළුවන්.  

මේ වන විටත්, ඇමරිකා එක්සත් ජනපදය, ආර්ජන්ටිනාව, ප්‍රංශය, මෙක්සිකෝව සහ ජර්මනිය යන රටවල දරුවන් මෙලෙස ‘MOMO’ අභියෝගය වෙත ආකර්ෂණය කරගෙන තිබෙනවා. පසු ගියදා ආර්ජන්ටිනාවේ, එස්කොබාර් හි අවුරුදු 12ක දැරියගේ මිය යෑමත් මේ හා සම්න්බධ බවට සැක පළ කරනවා. කෙසේ වෙතත් ඒ පිළිබඳව පොලිස් පරක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

WhatsApp වැනි සමාජ ජාල මාධ්‍යයක දරුවන් බිලි ගන්නා මෙවැනි ප්‍රචණ්ඩකාරී අභියෝගයක් ව්‍යාප්තවීම පිළිබඳව ඒ ඒ රට වල බලධාරීන් කණගාටුවට පත්වනවා.

ඔබත්, ඔබේ දරුවත් අන්තරජාලය, සමාජ ජාල මාධ්‍ය භාවිතා කරන්නේ නම්, මේ පිළිබඳව අවධානයෙන් සිටීම වඩාත් යෝග්‍ය වනවා. ‘MOMO’ රූපය ඇති හෝ  එවැනි දුරකථන අංක හෝ ගිණුම් තමන්ගේ සමාජ ජාල මාධ්‍ය වල ඇති ගිණුම් වලට එකතුකර නොගැනීමට පියවර ගැනීමත්, සමාජ ජාල මාධ්‍ය භාවිතා කරන දරුවන් පිළිබඳව අවධානයෙන් පසුවීමත් මෙවැනි ප්‍රචණ්ඩකාරී දේවල් වලින් ආරක්ෂාවීමට ඔබට උදව් වේවි.
tharunaya.com









No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.