Header Ads

දුම්රිය වර්ජන තවදුරටත්. හමුදාවෙන් විශේෂ බස් රථ සේවා


වැටුප් ප්‍රශ්ණයට විසදුම් ලබා නොදීම පිළිබද විරෝධය පළ කරමින් දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (08 දා) පස්වරු 3.00 සිට ආරම්භ කළ හදීසි වැඩ වර්ජනය තවමත් ක්‍රියාත්මකව පවතී.

හදිසියේ ආරම්භ කෙරුණු මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් පමණක් නොව බස් රථවලින් ගමන් ගන්නා මගීන් පවා දැඩි අපහසුතාවයන්ට පත්වුණා.

මාර්ගවල ධාවනය වන බස් රථ මගීන්ගෙන් පිරී පවතින අතර ත්‍රිවිධ හමුදාවේ පවතින බස් රථ මාර්ගවල ධාවනය සදහා යොදවා තිබෙනවා.

යුධ හමුදාව සඳහන් කලේ මගීන්ගේ අවශ්‍යතා අනුව අවශ්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට සූදානමින් සිටින බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කලේ සිය ගැටලුවට විසදුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් බලාපොරොත්තු වන බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.