Header Ads

ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසල හිටපු ඇමතිවරයෙකුගේ සුවිසල් නිවසක සමාජ ශාලාවක් හසුවෙයි

කොළඹ 7 ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසල් අසල පිහිටා ඇති හිටපු අමාත්‍යවරයෙකුට අයත් සුවිසල් නිවසක් තුල කුලියට පවත්වාගෙන ගිය  ප්‍රසිද්ධ කැරොකේ සමාජ ශාලාවක තිබී බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට කටයුතු කර තිබූ බියර් කෑන් 121 ක් සිය භාරයට ගැනීමට කොළඹ සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) කටයුතු කර තිබුණා.

මෙම සමාජ ශාලාවට පසුගිය වසරේදී මත්පැන් බලපත්‍රයක් නිකුත් කර තිබුණද එම ස්ථානයේ පිහිටි බාලිකා පාසලේ දෙමාපියන්ගේ විරෝධය නිසා මෙම වසරේදී එම  මත්පැන් බලපත්‍රය නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ. 

එවන් තත්වයකදී  බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැල් වලින් මත්පැන් මිලදී ගෙන ඒවා එම ස්ථානයේ රහසිගතව සඟවා ගෙන අලෙවි කරන බවටයි තොරතුරු හෙළිකරගෙන ඇත්තේ.

එසේම මෙම සමාජ ශාලාව චීන ජාතිකයන්ට පමණක් විවෘත කෙරුණු එකක් බවත් ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල සේවයේ යෙදෙන චීන ජාතිකයන් නිරන්තරයෙන් මෙහි පැමිණෙන බවටත් තොරතුරු ලැබී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.